― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsට්‍රැක්ටරයේ රොටරිය පණ ගන්වා කුණු රොඩු ඉවත් කළ පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ට්‍රැක්ටරයේ රොටරිය පණ ගන්වා කුණු රොඩු ඉවත් කළ පුද්ගලයෙකු ජිවිතක්ෂයට

මහකුඹුක්කඩවල එගොඩගම ප්‍රදේශයේ වතු හිමිකරුවකු තම ට්‍රැක්ටරයේ රොටරිය සිරවී අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් මෙලෙස මරණයට පත්ව ඇත්තේ එගොඩගම ප්‍රදේශයේ වතු හිමිකරුවකු වු තොඩුවාව පදිංචි 71 හැවිරිදි සිව්දරු පියෙක්.

මරණයට පත්වු වතුහිමිකරු ඔහුට අයත් පොල් ඉඩමේ බිරිඳත් සමග නතරවී සිට තිබෙනවා.

ඔහු අද උදෑසන ඉඩමේ වැඩ කටයුතු සදහා රැගෙන විත් තිබු ට්‍රැක්ටරය පණ ගන්වා ඇති අතර ඒ සමගම එහි රොටරිය ද ක්‍රියාත්මක කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව ක්‍රියාත්මත වෙමින් තිබූ රොටරියේ රැඳී ඇති තණකොල ඇතුළු කුණු රොඩු ඉවත් කිරීමට අනාරක්ෂිත සහ නොසැලකිලිමත් ලෙස අත දමා කටයුතු කිරීමේදී රොටරියට වතු හිමිකරුගේ අත එකවර ඇදී ගොස් සිරවී ඇතැයි සඳහන්.

මෙම තැනැත්තාගේ අත සිරවීමත් සමග හිස ද දරුණු ලෙස තුවාල වී ඇති අතර සිරවී තිබූ අත ද ගැලවී ගොස් ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අත ගැලවී යාමෙන් සහ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් අදාළ තැනැත්තා එම ස්ථානයේදීම අවාසනාවන්ත අයුරින් මරණයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ බිරිඳ මුළුතැන්ගෙයි සිටීම නිසා කිසිවක් දැක නොමැති අතර ක්‍රියාත්මක වෙමින් තිබූ ට්‍රැක්ටරය නතරවීම හේතුවෙන් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී යි රොටරිය යට සිරවී සිටි සැමියා දැක අය කෑගසා තිබෙනවා.

ඒ වන විටත් මෙම වතු හිමිකරු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ට්‍රැක්ටරයේ සේවා කටයුතු වෙනුවෙන් රියදුරෙකු සිට ඇති නමුත් දින කිහිපයක් ඔහු සේවයට නොපැමිණීම හේතුවෙනුයි ට්‍රැක්ටරය ධාවනයට පවා කිසිදු ලෙසකින් නොදන්නා මෙම තැනැත්තා එය පණ ගන්වා ඇත්තේ.

ඒ මීට පෙර රියදුරා ට්‍රැක්ටරය පණ ගන්වනු දැක තිබීම හේතුවෙන්.

මරණයට පත්වු තැනැත්තාගේ සිරුර මහකුඹුක්කඩවල පොලිසිය පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම මූලික රෝහලට යැවිමට කටයුතු කර තිබෙනවා.