28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ආපනශාලාවේ කෑමවල කැරපොත්තන්

දුම්රිය ආපනශාලාවේ කෑමවල කැරපොත්තන්

ඊයේ (01) රාත්‍රී 8.15ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාව සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා ඇති බව වාර්තා වෙයි.

මෙහිදී මගීන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. එම ආහාරවල කැරපොත්තන්ද සිට ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

සොයා ගන්නා ලද පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලෙවිසැලේ ක්‍රියාකරුට එරෙහිව නඩු පවරා ඇත.