26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර

පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.