22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර නිෂ්පාදකයින්ගේ සභාපති වැඩි මිලට බිත්තර විකුණලා

බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපති වැඩි මිලට බිත්තර විකුණලා

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඊයේ (01) කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලැබූ අතර එහිදී හල්මිල්ලෑව, පන්නිපිටිය, අවුලේගම සහ කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගොවිපොළක් හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් 4කට නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අතර සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලද තොරතුරු අනුවයි මෙම වැටලීම කර ඇත්තේ.