29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැනීසියේ වියළි ගිය ඇළ මාර්ග

වැනීසියේ වියළි ගිය ඇළ මාර්ග

ඉතාලියේ වැනීසිය එහි ඇළ මාර්ග සහ බෝට්ටු සවාරි සඳහා ප්‍රසිද්ධය.

නමුත් දැන් ගිම්හානය ආරම්භ වී ඇති බැවින් වැනීසියේ ඇළ මාර්ග ජලය නොමැතිව වියළී ගොස් ඇති අතර සියලුම බෝට්ටු මඩේ එරී ඇත. වැනීසියේ ඇළ මාර්ග ඔස්සේ ගමන් කරන බෝට්ටු සිත් ඇදගන්නා සුළුය.

නගරයේ ප්‍රවාහන සේවා බොහොමයක් බෝට්ටු මගින් සිදු කෙරෙන බැවින් නගරයේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

වැනීසිය අවට ඇළ මාර්ග 150ක් ජලය නොමැතිව සිඳී ගොස් ඇති නිසා මිනිසුන්ට තම නිවෙස්වලට හිර වී රැකියාවට හා අධ්‍යාපනයට යාමට අපහසු වී තිබේ. බොහෝ දෙනෙකුට තම නිවෙස් කරා මඩ ගොහොරුවේ පයින් යාමට සිදු වී තිබේ.

වර්ෂාව නොමැතිකම, උෂ්ණත්වය වැඩිවීම, මුහුදු මට්ටම පහත වැටීම, ඇල්ප්ස් කඳුකරයේ හිම පතනය අඩුවීම වැනි හේතු රාශියක් මෙම නියඟයට හේතු වී තිබේ. සාමාන්‍යයෙන් ඉහළ උද්ධමනයකින් පීඩා විඳින වැනිස් නගරය මේ වන විට නියඟයෙන් පීඩා විඳිමින් සිටී.