23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් පැමිණිලි 15ක්

මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් පැමිණිලි 15ක්

ලාඕසයේ ශ්‍රී ලාංකිකයින්ට එරෙහිව සිදු වූ බව කියන මිනිස් ජාවාරම් සිද්ධීන් සම්බන්ධයෙන් ඊයේ (01) වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 15ක් ලැබී තිබේ.

තායිලන්තයේ රැකියා අවස්ථා ලබා දෙන බවට බොරු සහතික ලබාදී ශ්‍රී ලාංකික තරුණයින් රැසක් ලාඕසයේ සිරවී සිටීම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

මේ සියලු පැමිණිලි ලැබී ඇත්තේ දැනටමත් කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අම්බලන්තොට ඉංග්‍රීසි ගුරුවරයකු වන රුවන් පතිරණ සහ ඔහුට උදව් කළ බව කියන පළාත් පාලන අපේක්ෂක අනුර සේනාරත්න යන අයට එරෙහිවය.

මේ සියලු පැමිණිලි කර ඇත්තේ දකුණු පළාතේ තරුණයන් විසිනි. කිහිප දෙනෙකු හැර සෙසු ශ්‍රී ලාංකිකයන් තවමත් ලාඕසයේ සිරවී සිටින බව වාර්තා වේ.

ජාවාරම්කරුවන් මීට පෙර තරුණියන් හතර දෙනෙකු සහ තරුණයෙකු රැගෙන ගොස් ඇත්තේ පළමුව තායිලන්තයටත් පසුව ලාඕසයටත්. මේ සඳහා ඔවුන්ට චීන සමාගමකින් ඩොලර් 5000 බැගින් ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම තරුණයින්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු නොමැත.