― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසන්නේ.

වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ‘දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු’ යන තේමාව යටතේ ලබන 04 වනදාට යෙදෙන ගෝලීය ස්ථුලතාවය වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2015 දී 22.5%ක් වෙලා තිබුණා බර වැඩි සහ තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව පුරුෂයින් අතර. මේ ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30%ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ එක්කම කාන්තාවන් අතර 2015 දී 34%ක් බර වැඩි සහ තරබාරු ගණයට වැටුණා. 2021 වනවිට 48%ක් වෙලා තියෙනවා බර වැඩි සහ තරබාරු ගණයට වැටෙන සංඛ්‍යාව. පරිභෝජනය කරන ප්‍රමාණය අපි වැයකරන ප්‍රමාණය ට වඩා වැඩිනම් ඒ වැඩි ප්‍රමාණය අපේ ශරීරයේ තැන්පත් වෙනවා තෙල් විදියට. ඒක තමා බර වැඩිවීමට බලපාන්නේ. මේය පසුකාලීනව බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම ඇති කරනවා.