අද අලුයම අඹන්පොළ පොලිස් වසමට අයත් මොරගහවෙල කුඹුරු යායේදී වන අලියකු සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අනතුරෙන් මියගොස් තිබෙන්නේ වන්නිනායක මුදියන්සේලාගේ ටිකිරි බන්ඩා නමැති වයස අවරුදු 56 ක් වන මැඩියාව නිකවලයාය පදිංචිකරුවෙක්.
ඔහු සිය නෙළාගත් අස්වැන්න කුඹුරේ ආරක්ෂා කරමින් සිටියදී අලුයම වන අලියා පැමිණ පහරදුන් බව ගම් වැසියන් පැවසුවා.