27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසරේ පළමු චීන සංචාරක පිරිස ලංකාවට

වසරේ පළමු චීන සංචාරක පිරිස ලංකාවට

මේ වසරේ පළමු චීන සංචාරකයන්ගේ පැමිණීම සනිටුහන් කරමින් ඊයේ (01) රාත්‍රියේදී සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

117 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස දින 07 ක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

චීනයේ ග්වැන්ෂෝ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි සංචාරක පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොං ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.

එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා සිට චීනය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 09 ක් බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් වසරකට චීන සංචාරකයන් 5,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.