25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමසාධක කටයුතු වෙනුවෙන් තවත් කණ්ඩායමක් ලෙබනනයට

සාමසාධක කටයුතු වෙනුවෙන් තවත් කණ්ඩායමක් ලෙබනනයට

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ 125 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළෙන් ලෙබනනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම භට කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු ඇතුළත්. ඔවුන් අතරින් දෙදෙනෙකු කාන්තා නිලධාරිනියන් වන අතර 08 දෙනෙකු කාන්තා සෙබළියන්.

මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා විශේෂ පුහුණුව ලත් ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා නැමැති සුනඛයන් සිව් දෙනෙකුද ලෙබනනයේ අතුරු හමුදා බළකායේ රාජකාරී සදහා පිටත්වී ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ මෙම පිරිස ඉතියෝපියානු ගුවන් සේවයේ ET- 8405 දරන විශේෂ ගුවන් යානයෙන් අලුයම 02ට ලෙබනනය බලා පිටත්ව ගිය බවයි. මේ අතර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව ඊයේ දිවයිනට ළඟා වුණා.

එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමු අධියරේදී දිවයිනට පැමිණි අතර ඉතිරි කණ්ඩායම අද ලෙබනනය බලා පිටත්ව ගිය 14 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත එම රාජකාරින් භාරදීමෙන් පසුව මෙරටට පැමිණීමට නියමිතවයි.

දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන්තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් කිහිප දෙනෙකු ඊයේ පැමිණ සිටියා.

නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක්‌ ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 වසරේ පෙබරවාරි 27 වනදායි ලෙබනනය බලා පිටත්ව ගියේ.