27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිමිනමක් ආයුධයකින් කළ ප+හරදීමකින් 13 හැවිරිදි දරුවෙකුට තුවාල

හිමිනමක් ආයුධයකින් කළ ප+හරදීමකින් 13 හැවිරිදි දරුවෙකුට තුවාල

පිටිගල විහාරයක නායක හිමියන් වහන්සේ නමක තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පිරිමි ළමයෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඊයේ (1) ඇතුළත් කළ බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි එම විහාරයේ නැවතී සිටි දහතුන් හැවිරිදි දරුවකු බවද පොලීසිය කියයි.
මේ හිමි නම් දරුවාගේ දකුණු කකුලේ කලවා ප්‍රදේශයට පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙන බවද පොලීසිය කියයි.

මේ පිහි ඇනීමෙන් පසුව තුවාල ලැබූ දරුවා එම විහාරස්ථානයේ වෙසෙන වෙනත් හිමිවරුන් දෙදෙනෙකු විසින් ප්‍රතිකාර සඳහා තල්ගස්වල, ගල්ලිද ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රිතිකර සඳහා ඊයේ (1) රැ 11 ට පමණ ඇල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

සැකකාර හිමි නම් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිර්ම සඳහා අත්අඩංගුවට ගෙන නැති අතර උන්වහන්සේ බීමතින් මේ පහරදීම සිදු කර ඇතිද යන්න සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බව ද පොලීසිය කියයි.

විහාරස්ථානයේ ඇතිවූ කතාබහක් දුර යෑමෙන් පසු මේ පිහි ඇනුම් සිදුව තිබෙන බවද පොලීසිය කියයි. පිටිගල පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.