― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNews12 හැවිරිදි දැරිය ගැබිනියක් කළ ලොකුතාත්තා අත්අඩංගුවට

12 හැවිරිදි දැරිය ගැබිනියක් කළ ලොකුතාත්තා අත්අඩංගුවට

දොළොස් හැවිරිදි දැරියක් ගැබිනියක් බවට පත්කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසනවා.

ත්‍රිකුණාමලය රෝහල් පොලීසිය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හොරොව්පොතාන නගරයේ හෝටලයක වේටර්වරයෙකු ලෙස සිටි හතලිස් හය හැවිරිදි එක්දරු පියෙක්.

ඔහු ඥාතීත්වයෙන් දැරියගේ ලොකු තාත්තා වන බවත් මීට මාස හයකට පෙර සැකකරු සිය නිවසේදී දැරිය දූෂණයට ලක් කර ඇති බවත් පොලිසිය අනාවරණය කරගනු ලැබුවා. තුන් හැවිරිදි වියේ සිට පැවිදි දිවියට ඇතුළත්ව සිල්මාතාවක්ව සිට ඇති මෙම දැරිය සිවුරු අත් හැර මීට මාස හයකට පෙර සැකකරුගේ නිවසට පැමිණ සතියක පමණ කාලයක් රැඳී සිට ඇත්තේ එකවරම සිය නිවසට යෑමට ඇති අකමැත්ත නිසයි.

දින කිහිපයකට ඉහතදී උදරාබාධයක් බව පවසමින් මව්පියන් විසින් දැරිය ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඇය මාස හයක ගැබිනියක් බවට තහවුරු වී තිබෙනවා.

සැකකරු කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.