― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsදුම්රිය තුළදී විදෙස් කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස හැඩවෙයි

දුම්රිය තුළදී විදෙස් කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස හැඩවෙයි

පොඩි මැණිකේ දුම්රියේ කොළඹ බලා යමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස සැරසී සිටි පුවතක් වාර්තා වනවා.

මනාලියන්ගේ තරගයකට සහභාගි වී කොළඹ බලා පැමිණෙන පිරිසක් විසින් අදාළ විදේශීය කාන්තාව ශ්‍රී ලාංකික මනාලියක ලෙස සැරසී ඇත. අදාළ විදේශිකයා ශ්‍රී ලාංකික මනාලියක් ලෙස සැරසීමට කැමැත්ත පළ කර ඇති අතර පසුව එම පිරිසෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඉහත කී රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු කණ්ඩායමක් ගමන් ගන්නා දුම්රිය තුළදී විදෙස් ජාතික කාන්තාවට ශ්‍රී ලාංකික මංගල ඇඳුම් අන්දවා ඇයව අලංකාර කර ඇත.