ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය අවශ්‍ය වී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවැරදි කිරීමට බවත් පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වා දී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බවත්ය.
එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කළ හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.