27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසුපිරි පාපන්දු තරුව මෙසීට ජීවිත තර්ජන

සුපිරි පාපන්දු තරුව මෙසීට ජීවිත තර්ජන

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට මරණ තර්ජන එල්ල කළ පුවතක් විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (02) අලුයම් කාලයේ මෙසීගේ බිරිඳගේ ඥාති කාන්තාවට අයත් සුපිරි වෙළඳසැලකට තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර මෙලෙස මෙසීට මරණ තර්ජන සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

‘Unico’ නැමති මෙම වෙළඳසැල ආර්ජන්ටිනාවේ සැන්ට ෆේ පළාතේ පිහිටි රොසරියෝ නගරයේ පිහිටා ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 14ක් වෙළඳසැලට එල්ල කර ඇති බව සඳහන්. අනතුරුව වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා වෙළඳසැල ඉදිරිපිට බෝඩ් කැබැල්ලක් දමා ගොස් ඇති අතර එහි පාපන්දු තරුව වන මෙසීට තර්ජනාත්මක ආමන්ත්‍රණයක් සඳහන් කර තිබෙනවා.

“Messi, we are waiting for you, Javkin is a drug dealer, He is not going to look after you” (මෙසී, අප ඔබ පැමිණෙන තෙක් බලාසිටින්නෙමු. ජවකින් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට බෑ ඔබව ආරක්ෂා කරන්න) යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳව මෙසී හෝ ඔහුගේ බිරිඳ වන ඇන්ටොනෙලෝ රකුසෝ හෝ පවුලේ කිසිවෙක් මේ දක්වා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.