28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපිට ආයෝජකයන්ගෙන් කොමිස් ඕන නැහැ - සජිත් ප්‍රේමදාස

අපිට ආයෝජකයන්ගෙන් කොමිස් ඕන නැහැ – සජිත් ප්‍රේමදාස

ලෝකයේ සිටින ප්‍රමුඛතම බිලියනපතියන්, ආයෝජකයන්ට අප රටේ දොර විවෘත කර ඔවුන්ට මෙරට තුළ ආයෝජනය කළ හැකි පරිසරයක් ඇති කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ආයෝජකයෝ කෙතෙක් ආවත් රාජපක්ෂවරු මෙන් සියයට 10, 20, 30 ආදී කොමිස් ගැහිලි සිදු කිරීම තහනම් බවත් රටට අවැසිව ඇත්තේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ජනිත කරවන කර්මාන්තශාලා ආරම්භ කරවන ආයෝජකයන් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (02) මොණරාගල බිබිලේදී පැවැති ජන හමුවකදීය.

එසේම මේ වන විට අප රටක් ලෙස විශාල මර උගුල් රැසකට හිරවී ඇති බවත් මේ මර උගුලෙන් මිදෙන්නට නම් රාමුවට සීමා වූ සිතුවිලි පසෙකලා රාමුවෙන් පිට පැන සිතිය යුතු බවත් එහි දී සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන ගණනක් අප රටට ගෙන එන්නේ කෙසේද? කියා සිතිය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා රට තුළ ත්‍රස්ත යුද්ධ 2ක් තිබිය දී පවා විදේශීය ආයෝජකයන් ගෙන්වා ඇගලුම් කම්හල් 200 ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය බලය ලබා ගැනීමට සහයෝගය ඉල්ලා සිටියත් අනෙක් විකල්ප දේශපාලන පක්ෂ මෙන් ඡන්දය ඉල්ලමින් හිඟමනේ යෑමක් සිදු නොකරන බවත් වසර 75ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වතාවට වැඩක් කරමින් ජනතාවට සේවය කරමින් රාජ්‍ය බලය ඉල්ලා සිටින්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යාපාරයක් සිදු කර ගෙන යාමට අවැසි පහසුකම් අතින් අප රට පහළ තැනට වැටී ඇති බවත් මේ වන විට අප රටට වියට්නාමය, කාම්බෝජය වැනි රටවල් සමඟ පවා තරග කිරිමට සිදුව ඇති බවත් ආයෝජකයන්ට අප රටේ හිතකර පරිසරයක් ඇති බවට වන ආකල්පයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා රටේ නායකයාගේ සිට සෑම කෙනකුම ආකල්පමය වශයෙන් පවා වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.