30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා විදේශ තනාපතිවරු අතර හමුවක්

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා විදේශ තනාපතිවරු අතර හමුවක්

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා හා විදේශ තානාපතිවරු අතර හමුවක් පසුගියදා ලෝක මුහුදුතෘණ දිනය හා සමගාමිව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙහි දී රටවල් අතර අනෝන්‍ය අවබෝධය හා පරිසරය සම්බන්ධ පැනනැගෙන ප්‍රශ්න, කාලගුණ විපර්යාස, ජෛව විවිධත්වයන් හා තම රටවල් අතර සමානාත්මතාවයෙන් ඇතිවන කරුණු සම්බන්ධව රටවල් එකතු වී ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය අමාත්‍ය නසීර් අහමඩ් මහතා කරුණු පැහැදිලි කළේය.

තවදුරටත් ජෛව විවිධත්වයෙන් බහුල වු ශ්‍රී ලංකාව සමග කටයුතු කිරිමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, අප සියලු රටවල් වලට මෙම හමුව ඉතා වැදගත් හා වටිනා අවස්ථාවක් වු බව තනාපතිවරු පැවසීය.

මෙම අවස්ථාවට බංගලාදේශය මහකොමසාරිස් මියන්මාර්, තායිලන්තය, වියට්නාමය, කියුබාව වැනි රටවල තනාපතිවරුන්, පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි වූහ.