11.1 C
London
Thursday, March 23, 2023

මැතිවරණය සම්බන්ධ අධිකරණ තීන්දුව ගැන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරන්නේ.

අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“ඇත්තටම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්.. රජය වෙන්න පුළුවන්.. ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්.. අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්. මුදල් අමාත්‍යංශය අනුව එ් ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී.”

ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය මගින්, 2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ නව දිනය එළඹෙන මාර්තු 09 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව ඊයේ රැස් වූ මැතිවරණ කොමිසම සඳහන් කළේය.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ඇය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here