28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආයුර්වේද ඖෂධ වර්ග 130ක පමණ හිඟයක්

ආයුර්වේද ඖෂධ වර්ග 130ක පමණ හිඟයක්

ආයුර්වේද ඖෂධ වර්ග 130 ක පමණ හිඟයක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඖෂධ වර්ග සැකසීමේදි ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍යවල පවතින හිඟය හේතුවෙන් මෙම ගැලුව මතුව ඇති බවයි එහි සභාපති ආයුර්වේද වෛද්‍ය පී.හේවාගමගේ කියා සිටියේ.

ඇතැමි ආයුර්වේද ඖෂධ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දියාව, චීනය වැනි රටවලින් ආනයනය කරනු ලබනවා.

නමුත් සැපයුම්කරුවන්ට ඒවා ගෙන්වීමේදි මුහුණදීමට සිදුව ඇති ගැටලු හේතුවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීම් අඩාල වී ඇති බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ආයුර්වේද වෛද්‍ය පී. හේවාගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.