28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉස්සන් කොටුවකට තල්ලු කර සිඟිති දියණිය ඝා+තනය කිරීමට හේතුව හෙළිවෙයි

ඉස්සන් කොටුවකට තල්ලු කර සිඟිති දියණිය ඝා+තනය කිරීමට හේතුව හෙළිවෙයි

  • Tags:
  • ~

උඩප්පුව කට්ටකඩුප ප්‍රදේශයේදී කාන්තාවක් තම සිඟිති දියණිය ඉස්සන් කොටුවකට තල්ලු කර දමා ඇත්තේ සැමියාගෙන් පළි ගැනීමට බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිඳයි මෙලෙස ඔවුන්ගේ අවුරුද්දයි මාස 6 ක පමණ දියණිය ඉස්සන් ටැංකියට තල්ලු කර ඇත්තේ.

අදාළ කාන්තාව දරුවා ටැංකිය අසලට රැගෙන පැමිණ එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව CCTV කැමරා දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය දැරිය ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසා සොයමින් සිටියදී යි එම ඉස්සන් ගොවිපළේ ම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියේ දඟලන ආකාරය දැක ඊට පැන බේරා ගෙන ඇත්තේ.

බේරා ගත් බිළිඳිය කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

රෝහලේ ප්‍රකාශකයකු කියාසිටියේ දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි.

දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කල කාන්තාව සහ ඇයගේ සැමියා අතර කාලයක සිට පවුල් ආරවුලක් තිබී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එම කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අදාළ පවුල් ආරවුල කොබෙයිගනේ පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ දෙදෙනාට දරුවා සමග සාමකාමීව වාසය කරන ලෙස උපදෙස් ලබා දී තිබූ බව ද සඳහන්.

පසුව මෙම කාන්තාව තම සැමියා සමග කට්ටකඩුව ඉස්සන් ගොවිපලේ වාඩියක පදිංචිව සිටියදී දින කිපයකට පෙර සැමියා සමග ඇතිවූ ආරවුලකින් පසු ඔහුගෙන් පළි ගැනීමට මෙලෙස දැරිය ඉස්සන් ටැංකියට තල්ල කර දමා ඇති බව හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි එක්දරු මව උඩප්පුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.