28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර තම දියණිය ඝා+තනය කළ මව අත්අඩංගුවට

ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර තම දියණිය ඝා+තනය කළ මව අත්අඩංගුවට

මවක්, අවුරුදු එක හමාරක් වයසැති සිය දියණිය ඉස්සන් ගොවිපොළක ටැංකියකට තල්ලුකර ඝාතනය කළ පුවතක් උඩප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උඩප්පුව, කට්ටකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉස්සන් ගොවිපළක සේවයේ නියුතු අදාළ මව පෙරේදා (02) පස්වරුවේ සිය දැරිය මෙලෙස ඉස්සන් වගාකළ ටැංකියට තල්ලුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුව අදාළ දැරිය ටැංකියෙන් ගොඩගෙන මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කළ දැරිය ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (03) අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකාර මව උඩප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.