26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋමාඔය ව්‍යාපෘතිය ජූනි මාසය වනවිට ජනතා අයිතියට

උමාඔය ව්‍යාපෘතිය ජූනි මාසය වනවිට ජනතා අයිතියට

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ලබන ජූනි මාසය වනවිට ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඊයේ (03) උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සහ නිරීක්ෂණය කිරීම සදහා එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් මසකට ගල් අඟුරු නැව් 3ක් සදහා වැයවන ඩොලර් ප්‍රමාණය රටට ඉතිරි කරගත හැකි වනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියාසිටියේ රටේ පවතින විදුලි අර්බුදයට විසදුමක් ලබා දෙමින් මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවයි.

මොරනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල පානීය ජලය හා වාරි ජල අවශ්‍යතාව සැපයීම ද මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතයි.

2008 වසරේදී ආරම්භ කෙරුණ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය කලින් කලට පැමිණි විවිධ බාධා ඔස්සේ මේ වනවිට සියයට 97කින් වැඩ අවසන් වී ඇති අතර ලබන ජුනි මාසය වන විට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිමට හැකි වනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.