28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් රිමාන්ඩ්

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් රිමාන්ඩ්

කුෂ් නැමති මත්ද්‍රව්‍ය සෑදීමට උපයෝගී කරගන්නා ගංජා තවානක් ඉතා සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයන් 4 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හබරාදුව පොලිසිය ඊයේ (03) රාත්‍රි කළ වැටලීමකදී යි කිලෝ 16ක ගංජා තොගයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළා.

මෙම රුසියානු ජාතිකයන් හතරදෙනා විලා තුනක මෙම ගංජා වගාව කරගෙන ගොස් ඇති අතර ඔවුන් වයස අවුරුදු 21ත් 46ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්.

හීනටිගල තල්පෙ සහ පිටිදුව යන ප්‍රදේශවල සංචාරක නිවාස තුනක කාමර තුළ හිරු එළියට සමාන විදුලි ආලෝකය යොදා ගෙන වගාවට අවශ්‍ය ජලය නවීන තාක්ෂණ ක්‍රම ඔස්සේ ලබා ගනිමින් නවීන ක්‍රම ඔස්සේ මෙම ගංජා වගාව වායුසමනය කළ කාමර තුළ ම පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

විදේශිකයන් දෙදෙනකු එක ස්ථානයකත් තවත් විදේශිකයන් දෙදෙනකු වෙන වෙනම ස්ථාන දෙකකත් මෙම වගාව පවත්වාගෙන ගොස් තිබෙන බව ද සඳහන්.

විදේශිකයන් බදු පදනම යටතේ සංචාරක නිවස්න (Villa) ලබාගෙන මෙම ගංජා ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ හිතවත් විදේශිකයන්ට මෙම මත්ද්‍රව්‍ය අගය එකතු කර කුෂ් මත්ද්‍රව්‍ය ලෙසින් අලෙවිය කරගෙන ගොස් ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

හබරාදුව පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.