22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැරණිම රැකියාවේ යෙදුණු කතුන් 06ක් පොලිස් අත්අඩංගුවට

පැරණිම රැකියාවේ යෙදුණු කතුන් 06ක් පොලිස් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (03) පස්වරුවේ වටලා තිබෙනවා.

එහිදී සැකකාරියන් 06 දෙනෙකු සහ ගණිනා නිවාසය කළමණාකාරවරිය ලෙස කටයුතු කළ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 23ත් 39ත් අතර වයස්වල පසුවනන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දොරහේන, දිගන, වාද්දූව, කැකිරාව, පානදුර, මතුගම සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.