29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුතා කැඳවාගෙන ඒමට ගිය පියා අතරමඟ දී වන අලියාට බිළි

පුතා කැඳවාගෙන ඒමට ගිය පියා අතරමඟ දී වන අලියාට බිළි

වන අලියෙකු පහරදීමෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (03) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ  කරුවලගස්වැව – රජවිගම ප්‍රදේශයේ දී මෙම වන අලි ප්‍රහාරය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ උක්කු බණ්ඩා නැමැති 61 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

තම පුතා සේවය නිමව රාත්‍රී කාලයේ දී නිවසට පැමිණෙන බවට දැනුම් දී ඇති අතර, ඔහුව කැඳවාගෙන ඒම සඳහා මෙම පුද්ගලයාගේ යතුරුපැදියක නැගී පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 07කණුව දක්වා යාමට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, යන අතර තුර රජවිගම වැව ආසන්නයේ දී මොහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අලියාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම පුද්ගලයා පුත්තලම මූලික රෝහල කරා රැගෙන අතර තුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.