― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලිස් නිලධාරීන් ලෙස අඟවමින් මුදල් පසුම්බි හා යතුරුපැදි මංකොල්ලකන කල්ලියක් කොටු

පොලිස් නිලධාරීන් ලෙස අඟවමින් මුදල් පසුම්බි හා යතුරුපැදි මංකොල්ලකන කල්ලියක් කොටු

පොලිස් නිලධාරීන් ලෙස අඟවමින් ජා-ඇළ සහ ඒකළ ප්‍රදේශවලදී යතුරුපැදි නවතා පුද්ගලයින්ගේ මුදල් පසුම්බි හා යතුරුපැදි මංකොල්ලකෑ පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන්ට අයත්ව තිබූ යතුරුපැදි 6ක් සහා ස්වර්ණාභරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබූ අතර මොවුන් බියගම, කිරිබත්ගොඩ, කඳාන,කටුනායක, කොල්ලුපිටිය හා පානදුර යන ප්‍රදේශවල මේ අයුරින් කොල්ලකෑම්වල නිරතවී ඇති බව පොලීසිය සඳහන් කරයි.