25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියක යැයි සිතා සිසුවෙකුට රැවටුණු ප්‍රින්සිපල්

සිසුවියක යැයි සිතා සිසුවෙකුට රැවටුණු ප්‍රින්සිපල්

වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් කැප්පෙටිපොල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

වට්ස්ඇප් ඔස්සේ සිය පාසලේ සිසුවියන් කිහිප දෙනෙකුට විවිධ ආකාරයෙන් අයුතු යෝජනා සිදුකළ බවට මෙම විදුහල්පතිවරයාට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා.

මෙය සිදුවීම තහවුරු කර ගැනීමේ අරමුණින් එම පාසලේ උසස්පෙළ සිසුවෙකු, සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් විදුහල්පතිවරයා සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

එහිදී අදාළ විදුහල්පතිවරයා විසින් සිසුවියක යැයි සිතා සිසුවාට වට්ස්ඇප් ඔස්සේ තම ලිංගික අවයව ඡායාරූප ගතකර ඒවා යවා ඇති බවයි වාර්තා වන්නේ.

නිවාඩු දිනයක දී පාසලේ සිය කාර්යාලයට පැමිණෙන ලෙසට ද විදුහල්පතිවරයා වසින් එහිදී දන්වා ඇති බවද සඳහන්.

විදුහල්පතිවරයා රවටා සියලු තොරතුරු අනවරනයකරගත් සිසුවා ඒ පිළිබඳව පාසලේ ගුරුවරුන් සහ ආදි සිසුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් පැමිණ විදුහල්පතිවරයා පාසලෙන් එලවා දැමීමට ද උත්සාහ දරා ඇති අතර, එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට ද මැදිහත්වීමට සිදුව තිබෙනවා.