29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋඩරට දුම්රිය මාර්ගයේ වසර 23ක දුම්රිය ගමනට සමුදුන් රියදුරු

උඩරට දුම්රිය මාර්ගයේ වසර 23ක දුම්රිය ගමනට සමුදුන් රියදුරු

දුම්රිය රියදුරෙක් ලෙස වසර 38 ක් සේවය කළ හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා ඊයේ (4) දා විශ්‍රාම ලැබූ අතර අවසන් වරට දුම්රිය ධාවනය පෙර ඔහු දුම්රියට වැඳ නමස්කාර කළේය.

බදුල්ල ප්‍රධාන ස්ථානාධිපති තිවංග වැලිගම් මහතා ප්‍රමුඛ බදුල්ල දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය, සිරිල් මහතා අවසන් වරට දුම්රිය එන්ජින් මැදිරියට ගොඩවන විට දුකබරව බලා සිටියහ .

ඊට පෙර ඔවුන් අතට අත දී සුවබර විශ්‍රාමික දිවියකට සුබ පැතූහ.මේ දින ඔහුගේ ගමන්වාර බදුල්ල සිට බන්ඩාරවෙල දක්වා විය .එය බදුල්ල සිට මහ නුවර බලායන් මගී මැදිරි කීපයක්ද සහිත භාණ්ඩ ප්‍රවාහණ දුම්රියයි

හාලිඇල , උඩුවර , දෙමෝදර ඇල්ල , බණ්ඩාරවෙල දුම්රිය ස්ථානවලදී එම කාර්යමලයන් මල් කළඹ හා තෑගි පිරිනමා සෙනෙහසින් සුභ පැතීම් දුලබ දර්ශනයක් විය .

වසර 38 ක සේවා කාලයතුළ වසර 23 ක්ම සේවය කළේ උඩරට දුම්රිය මාර්ගයේ බවත් ඇතමුන් උඩරට දුම්රිය මගේ දුම්රිය ධාවනයට ප්‍රියතාවයක් නොදක්වන නමුත් තමා ඉතා ආශාවෙන් උඩරට දුම්රිය ධාවනය සිදුකළ අතර යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගයේද කලක් සේවයකළ බව පැවසීය .