32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැබිතිගොල්ලෑවේ මවක් දරු දෙදෙනා සමඟ ළිඳට පනී - එක් දරුවෙක් ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑවේ මවක් දරු දෙදෙනා සමඟ ළිඳට පනී – එක් දරුවෙක් ජීවිතක්ෂයට

කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ මවක් සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි හානිකර ගැනීමේ අරමුණින් අද (05) උදෑසන නිවසේ ළිඳට පැන ඇති බව පොලිසිය පවසනවා.

මෙහිදී එක් දරුවෙක් මියගොස් ඇති අතර, බේරාගත් මව සහ අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වවුනියාව රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනා සමඟ මෙලෙස ළිඳට පැන ඇත්තේ 48 හැවිරිදි කාන්තාවක් වන අතර, මියගොස් ඇත්තේ ඇයගේ 21 හැවිරිදි වියේ පසු වූ වැඩිමල් දරුවායි.

මේ වනවිට මව සමඟ රෝහල් ගතව ප්‍රතිකාර ලබන 09 හැවිරිදි අනෙක් දරුවා පූර්ණ කථන අපහසුතාවක් ඇති දරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

සිවිල් ආරක්ෂක භටයෙකු වන මෙම කාන්තාවගේ සැමියා අද (05) අලුයම රාජකාරියට ගොස් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10.00ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට සිට නැහැ.

පසුව සිදුකළ සොයාබැලීමේ දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ සිටිනු දැක ඉන් ගොඩගෙන රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ කාන්තාව මෙලෙස සියදිවි නසා ගැනීමට උතසාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය වැඩිමල් දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණා.