31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඡන්දය තියන්න මුදල් දෙන්නේ නෑ කියලා කිව්වේ නෑ! රජයට දෙන්න මුදල් නෑ!

ඡන්දය තියන්න මුදල් දෙන්නේ නෑ කියලා කිව්වේ නෑ! රජයට දෙන්න මුදල් නෑ!

අයවැය ලේඛනයක් යනු ආදායම් වියදම් ඇස්තමේන්තුවක් පමණක් බවත් බලාපොරොත්තු වන ආදායම් සහ ඒවා වියදම් කිරීමට බලාපොරොත්තු ආකාරය එහි සටන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මහා භාණ්ඩාගාරයට මුදල් ලැබිණි නම් අදාළ යෝජනා සඳහා මුදල් වෙන් කිරීම සිදුකරන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන බව අයවැය ලේඛනයෙහි සඳහන් වුව ද මහා භාණ්ඩාගාරයට ඒ සඳහා මුදල් ලැබී නැතිනම් මුදල් කෙසේ ලබා දෙන්නේ පාලිත රංගෙබණ්ඩාර ප්‍රශ්න කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුදල් නිදහස් නොකර සිටීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය ගැන මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එජාප මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.