― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනඩත්තුවට මුදල් නොමැතිකමින් වාහන ලක්ෂ 10ක් පමණ කොට උඩ

නඩත්තුවට මුදල් නොමැතිකමින් වාහන ලක්ෂ 10ක් පමණ කොට උඩ

අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි  ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වාහන අඩකට ආසන්න සංඛ්‍යාවක්  නිසි සේවා සැපයුම් නොමැතිවීම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇතැයි වාර්තා වේ.

වාහන අමතර කොටස් මිල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇති හෙයින් බොහෝ වාහනවලට  අමතර කොටස් යෙදවීම බෙහෙවින් අඩුවී ඇති බවත් වාහනවල පැවැත්ම මේ හේතුවෙන් විශාල ලෙස අඩු වී ඇති බවත් වාහන සේවා සැපයුම්කරුවෝ පෙන්වා දෙති.

බොහෝ වාහනවල සේවා සැපයුම් කාලය ඉක්මවා ගොස් ඇතත් ඒවා සේවා සඳහා යොමු කිරීම ප්‍රමාද වන තත්වයක් දක්නට ලැබෙන බවද  ඔවුහු සඳහන් කරති.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වාහන සඳහා සේවා සැපයීම සහනදායි ආකාරයට කර ගැනීමට වැඩපිළිවෙලක් යොදන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ලංගම ඩිපෝ මේ සඳහා යොදා ගත හැකි බවත්  වාහන හිමිකරුවෝ පවසති. මෙය ලංගමට අමතර ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බව ඔවුහු වැඩිදුරටත්  පෙන්වා දෙති.

මේ අතර කොරෝනා  හේතුවෙන් රට වසා දැමූ සමයේදී  නිසි සේවා නඩත්තුව නොලැබීම නිසා වාහන විශාල ප්‍රමාණයක්  ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්වූ බව වාහන අලුත්වැඩියා නියෝජිතයෝ පවසති.

මේ රටේ ධාවනයට එක් කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්නය.  ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ වේ.