නුවරගල රක්ෂිතයට ඇතුළු වූ 34 හැවිරිදි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ විනෝද චාරිකාවක් සඳහා 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (03) මෙම රක්ෂිතයට ඇතුළු වී ඇති බවයි.
රාත්‍රී කාලයේ එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර අනෙක් පිරිස ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මහඔය පොලිසියට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි මළ සිරුර සොයාගෙන ඇත්තේ.
විනෝද චාරිකාවට එක්වූ පිරිස නුවරගල රක්ෂිතයේ රාත්‍රිය ගත කරන ලද ස්ථානය ආසන්නයේ ඇති ගල් තලාව පහළ ප්‍රදේශයේ තිබියදීයි අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ.
මෙම පිරිස රාත්‍රී කාලයේ විනෝද වීමෙන් පසු අලුයම් කාලයේ නින්දට ගොස් ඇති අතර අලුයම පිබිදී කළ සොයා බැලීමේදී මෙම පුද්ගලයා නොසිටීම හේතුවෙන් පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ උහන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.