― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsප්‍රභාකරන් සම්බන්ධයෙන් නෙදුමාරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ප්‍රභාකරන් සම්බන්ධයෙන් නෙදුමාරන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

එල්.වි.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජිවත් වන දමිළ ජනයාට නව බලාපොරොත්තුවක් ලබාදෙන බව ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පි.නෙදුමාරන් පවසනවා.

ප්‍රභාකරන් ජීවත්ව සිටින බවට නිසි සාක්ෂි ලැබුණු විගස එය මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව ANI පුවත් සේවයට ප්‍රකාශයක් සිදු කෙරෙමින් ඔහු සඳහන් කළේ,

එම ප්‍රකාශය සමග මේ වන විට දෙමළ ජනයා බෙහෙවින් ම උද්‍යෝගයට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළා.

සභාපති පී. නෙදුමාරන් පැවසුවේ මෙවැන්නක්…,

“Announcement that Prabhakaran is alive has given new hope & enthusiasm to all Sri Lankan Tamils… If we want to reveal the proof that he’s alive, I’ll call you and reveal the proof. As soon as I get the evidence, I will meet the media and release it..”

එමෙන්ම ප්‍රභාකරන් සැඟවී සිටින බවත් ඔහු ළඟඳීම ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කටයුතු කරන බවටත් නෙදුමාරන් වැඩිදුරටත් කියා සිටිනවා.

අපගේ දෙමළ ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමට සතුටු බවත් තන්ජාවුර්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නෙදුමාරන් කියා සිටි අතර ඔහු සමිබන්ධයෙන් මෙතෙක් කල් පැතිර ගිය දුර්මත අදින් අවසන් කරන ලෙසත් හෙතෙම ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් ද කළා

ප්‍රභාකරන්ගේ නැවත පැමිණීම දෙමළ ජාතියේ විමුක්තිය සැලසීමේ ක්‍රියාවලියට වඩා වැදගත් වන බව ද ඊට ලෝකයේ සියලුම දෙමළ ජනයා සහාය ලබාදිය යුතු බවත් නෙදුමාරන් ANI පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටිනවා.

ප්‍රභාකරන් නමැති එල්.ටී.ටී.ඊ. ඊළාමි ත්‍රස්තවාදි නායකයා සිවිල් යුද්ධය අවසාන අදියරේ දි 2009 මැයි 18 වන දින මෙරට හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ අතර ඔහුගේ සිරුර මුල්ලිවායාකල්හි වනයෙන් සොයාගැනුණා.

ප්‍රභාකරන්ගේ මියගිය සිරුරෙහි ඡායාරූප පමණක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ බව ද නෙයිමාදුරන් කියා සිටියා.