23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපානදුරේදී සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පානදුරේදී සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකුට පානදුර – ටී. ඩීමන් සිල්වා මාවතේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ 08ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අවුරුදු 34 හා 40 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය වාද්දුව, වේරගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගනු ලැබුවේ ඝාතනය සිදු වූ දිනයි.

පසුගිය පෙබරවාරි 28 වන දින උදෑසන කාලය දී වෙඩිතැබීම සිදුකර මෙම ඝාතනය සිදුකර තිබුණා.

එහිදී සම්පත් කුඩාගොඩ නැමැති 56 හැවිරිදි බංගලාවත්ත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් සුඛෝපභෝගී ජීප් රථය තුළදීම ඝාතනයට ලක් වුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 ක කාලයකට රඳවා ගැනීම නියෝග ලබාගෙන තිබෙනවා.