― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපුස්සැල්ලාවේ කාන්තාවගේ ඝා+තනයට සම්බන්ධ පරිගණක ඉංජිනේරුවරයා අත්අඩංගුවට

පුස්සැල්ලාවේ කාන්තාවගේ ඝා+තනයට සම්බන්ධ පරිගණක ඉංජිනේරුවරයා අත්අඩංගුවට

පුස්සැල්ලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී හමු වූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

නුගේගොඩ, විජේරාම, රබර් වත්ත, පළවෙනි පටුමගේ කාමරයක සැඟව සිටිය දී සැකකරු අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිගණක ඉංජිනේරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

හෙල්බොඩ වත්ත, කටුකිතුල, ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි සදාසිවම් නිරංජලා නැමැති 25 හැවිරිදි කාන්තාවක් නූලකින් ගෙළ තද ඝාතනය තිබිය දී ඊයේ (04) සොයා ගැනුණේ පුස්සැල්ලාව, සෝගම වත්ත උඩකොටසේ ලඳු කැලෑවක තිබියදීයි.

ඒ, වත්තේ දළු නෙලීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙම සිරුර දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහත දී විවාහ වී ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම විවාහය පළමු විවාහයෙන් පසු සිදුකරගත් ඇයගේ දෙවන විවාහය බවයි වාර්තා වන්නේ.

පසුගිය 03 වනදා මොවුන් දෙදෙනා කොළඹ සිට පුස්සැල්ලාව ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදී සැකකරු කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් ද සිදු වී ඇති බවයි විමර්ශනවල දී හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුස්සැල්ලාව පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බව මිරිහාන පොලිසිය සඳහන් කර සිටියා.