27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙම්වතියගේ නිවසට යමින් සිටි පෙම්වතා යතුරුපැදි අනතුරින් ජීවිතක්ෂයට

පෙම්වතියගේ නිවසට යමින් සිටි පෙම්වතා යතුරුපැදි අනතුරින් ජීවිතක්ෂයට

ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී යතුරුපැදියක් දුරකථන කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගෝනපොල, වීදියගොඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

අද අලුයම ඔහු නිවසේ සිට හොරණ ප්‍රදේශයේ පෙම්වතියගේ නිවසට යාමේදී කුඹුක ප්‍රදේශයේ දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් දුරකථන කනුවක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදු වූ වහාම එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් තරුණයාගේ දුරකථනයේ සඳහන් අංකයකට මේ පිළිබඳ දැනුම් දීමත් සමගම දෙමව්පියන් එම ස්ථානයට පැමිණ තරුණයා තිරෝද රථයකින් හොරණ මූලික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

යතුරුපැදිය ගැටීමෙන් දුරකථන කණුව කොටස් දෙකකට කැඩී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අධික වේගය අනතුරට හේතුව බවට පොලිසිය විශ්වාස කරන අතර මෙම අනතුරින් තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මොරගහහේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.