28.9 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට

මහනුවර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට

පොලිසිය නිල සුනඛ අංශයේ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන මහනුවර පොලිසිය කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් 4 දෙනෙකු ද වනවා.

අවුරුදු 24ත් 52ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හීරැස්සගල, සුදුහුම්පොල, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන්.

කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචි සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන්නියන් වනවා.

මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 48 දෙනෙකු සහභාගී වූ බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.