23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරියදුරන් නොමැතිවීමෙන් උදයදේවී නතර වෙයි

රියදුරන් නොමැතිවීමෙන් උදයදේවී නතර වෙයි

 කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන උදයදේවී ශීඝ්‍රගාමී දුම්රිය ප්‍රථමවරට රියදුරන් නොමැතිවීම හේතුවෙන් ධාවනය නතර වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙලෙස එම දුම්රිය ඊයේ (4) සහ අද(5) ධාවනය නොවූ බවයි. එමෙන්ම රියදුරන් නොමැතිව හෙට දිනයේ ද උදයදේවී දුම්රිය ධාවනය නොවන බව සඳහන්.

දීර්ඝ සති අන්තයක මෙම දුම්රිය ධාවනය නොවීමෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවට ද විශාල පාඩුවක් සිදුවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයක් රියදුරන් නොමැති වීම හේතුවෙන් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.