― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 05ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) සවස පොල්පිතිගම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යුවළක් ව්‍යාජ මුදල් බවට සැක කෙරෙන රුපියල් දහසේ නෝට්ටු දෙකක් ලබා දුන් බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය විමර්ශන ආර්මභ කර තිබුණේ.

එහිදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යුවළ විසින් එකම අංකය සහිත රුපියල් 1000 නෝට්ටු දෙකක් පොම්පකරු වෙත ලබාදී තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනයේදී එම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ පොල්පිතිගම නගකරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට තමා රන් භාණ්ඩ උකස් කර මෙම මුදල ලබාගත් බවයි.

එම මුදලින් තවත් රුපියල් දහසේ නෝට්ටුවක් ද ඇය සතුව තිබී පොලිස් භාරයට ගනු ලැබුවා.

එහිදී පොලිසිය මෙම කාන්තාව යොදවා නැවත වරක් රන් මාලයක් අදාළ රන් භාණ්ඩ අලෙවි සැලටම උකස් තැබීමට සැලැස්වීමේදී යළිත් අදාළ අංකයම සහිත ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදීම හේතුවෙන් පොලිසිය එම අලෙවි සැල පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එම අංකය සහිත තවත් දහසේ නෝට්ටුවක් හමුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එම ස්වර්ණාභරණ අලෙවි සැලේ හිමිකරු ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ නෝට්ටු 5 ද පොලිස් භාරයට ගනු ලැබුවා.

පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 61 හැවිරිදි අයෙක්. ඔහු අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොල්පිතිගම පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.