― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට කට වහගෙන ඉඳගන්න කියූ හැටි

ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට කට වහගෙන ඉඳගන්න කියූ හැටි

SHUT UP AND SIT DOWN යයි මේ රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට අධිකරණය විසින් SHUT UP AND SIT DOWN වර්ගයේ තීන්දුවක් දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා තවදුරටත් මැතිවරණය කල් දැමීමට දැන් ආණ්ඩුවට අයිතියක් නැතැයි පැවසීය.

ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන සිටින ඇතැමුන් නිහඬව සිටිද්දී සමගි ජන බලවේගය මේරටේ දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් අධිකරණය වෙත ගිය බවත් එයින් ලද තීන්දුව හේතුකොටගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩවම එකම විශ්වාසය තැබූ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා එය ලබා ලබාගැනීම වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගත් බවත්,ඉදිරියේදිත් ඒ වෙනුවෙන් ඇප කැප වන බවත් පැවසීය.

බංකොලොත් රටක ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා මේ වැටුණු රට ගොඩනැඟීමේ හැකියාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය බවද පැවසීය.

අද පස්වරුවේ, කළුතර බුලත්සිංහල පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.