27.8 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොමිෂන් ගැන තීරණයක් ගන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි

කොමිෂන් ගැන තීරණයක් ගන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 09 වනදා යළි රැස්වීමට නියමිත බව කථානායකවරයා පවසනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාවට අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත කොමිෂන් සභා වනවා.

එම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.