23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය ගමන් වාර රැසක් අවලංගු වීමේ ලකුණු

දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වීමේ ලකුණු

දුර ගමන් සේවා, ඉන්ධන ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රැසක් අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූවන් වසරක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

වයස අවුරුදු 60 ඉක්මවූවන් පසුගිය ජනවාරි පළමු වනදා සිට විශ්‍රාම ගැන්වීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයත් සමඟ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වීම හමුවේ, ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ, කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයකට සේවා අවශ්‍යතාව මත වසය අවුරුදු 60 ඉක්මවූවන් යළි සේවයට බඳවා ගන්නා බවයි.

එහෙත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය රියදුරන් 20කට අධික සංඛ්‍යාවක් සේවය අවසන් කිරීමට කටයුතු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.