23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනුදුරේදීම රනිල්ට කටවහගෙන වාඩිවෙන්න වෙනවා - ඩලස්

නුදුරේදීම රනිල්ට කටවහගෙන වාඩිවෙන්න වෙනවා – ඩලස්

පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ (you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කඹුරුපිටියේ දී පැවති ජනහමුවක් අමතමිනි.

තමන් ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තිය බවට හඳුන්වාගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බව පළාත් පාලන මැතිවරණ මගහැරීමට දරන උත්සාහයෙන් මනාව පැහැදිලි වන බව ද ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

නුදුරේ දීම රටේ මහජනතාව විසින් ඔහු නිහඬ කොට වාඩි කරවනු ඇති බව ද හෙතෙම පැවසීය.