මෙරට ලියාපදිංචි වාහන අසූතුන්ලක්ෂ පනස් පන්දහස් එකොළහක් අතරින් වාහන ලක්ෂ විස්සක පමණ ප්රමාණයක් ගැන කිසිදු තොරතුරක් නැති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
1970 වසරට ලියාපදිංචි වූ වාහන, එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මංකොල්ල කන ලද වාහන සහ විවිධ අනතුරුවලට ලක්ව විනාශ කරන ලද වාහනද ඒ අතර අයත් වේ.