32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

කෝප් කමිටු සභාපති මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව හෙට (07) දිනයේ රැස්වීමට නියමිතයි.

ඒ අනුව හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වාර්තා වන්නේ. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද හෙට (07) දිනය තුළ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට අනිද්දා (08) දිනයේ පැමිණෙන ලෙස දන්වා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.