ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු ලෙස සරත් ඒකනායක පත්කර තිබේ.
ශ්රීලනිපයේ සභාපති මෛත්රීපාල සිරිසේන විසිනුයි මෙලෙස සරත් ඒකනායක එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ.
ශ්රීලනිපයේ මහලේකම්වරයා විදේශගත වීම හේතුවෙන් 20 වැනිදා දක්වා සරත් ඒකනායක වැඩ බලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇත.