27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතය ගැන සලකා බලනවා – ඉන්දීය මහ...

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතය ගැන සලකා බලනවා – ඉන්දීය මහ කොමසාරිස්

මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල යොදා ගැනීමට ඇති හැකියාව පිළිබදව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා පවසනවා.

ඉන්දීය මාධ්‍ය අද (06) වාර්තා කළේ මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු හා ඉන්දියානු රාජ්‍ය බැංකු ආයතන නියෝජිතයන් සමග සාකච්ඡා ද පැවැත්වූ බවයි.

වෙළෙඳ සහ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් දෙරට අතර වඩාත් ශක්තිමත් සහ සමීප සහයෝගීතාවයක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල යොදා ගැනීමෙන් අඩු විනිමය පිරිවැය, වේගවත් සේවාව, වෙළඳ ණය සඳහා පහසු ප්‍රවේශයක් වැනි විවිධ ප්‍රතිලාභ හිමිවන අතර දෙරට අතර වෙළෙඳ සබඳතාවන්ගෙන් සැලකිය යුතු ආදායමක් ලැබෙන බවද ඉන්දීය මහ කොමසාරිස්වරයා පවසනවා.