― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුබසාධන ප්‍රතිලාභ ගන්න අසත්‍ය තොරතුරු දෙන අයට නීතිමය පියවර

සුබසාධන ප්‍රතිලාභ ගන්න අසත්‍ය තොරතුරු දෙන අයට නීතිමය පියවර

සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ , ලැබී ඇති අයදුම්පත් අතුරින් ලක්ෂ 2ක සංගණන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

ඒ සඳහා ඉදිරිපත්ව ඇති සමස්ත අයැදුම්පත් සංඛ්‍යාව, ලක්ෂ 37 කි. 

සංගණනය සඳහා පැමිණෙන නිලධාරින්ට අවශ්‍ය සහය ලබාදෙන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

 කඩිනමින් අදාළ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.