28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF සල්ලි ගන්න ලොකුම වැඩේ කළේ බැසිල් - රංජිත් බණ්ඩාර

IMF සල්ලි ගන්න ලොකුම වැඩේ කළේ බැසිල් – රංජිත් බණ්ඩාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ප්‍රදානය ලබා ගැනීම වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණකාරී විවිධ ආකාරයෙන් සිදු වෙමින් තිබෙනවා. එම පිරිස් අවුරුදු 75ක් පුරාවට මේ රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියට යොමුවී සිටියා. එම පිරිසගෙන් පරෙස්සම් වීමට ජනතාව වගබලා ගත යුතුයි. ඒවාට උඩගෙඩි දිය යුතු නෑ. විපක්‍ෂය කියනවා අයි.එම්.එෆ්. ණය ලැබෙන්නේ නෑ කියලා. ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. මේ මාසයේ තුන්වන සතිය වන විට ඒ ණය මුදල ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා වන මූලික සාකච්ඡාවන් මේ වනවිට අවසාන අදියරට පැමිණ තිබෙනවා. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

අද විවේචන සියල්ල අභිභවා රුපියල ස්ථාවර වී තිබෙනවා. ආර්ථිකයේ යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. විදේශ සංචිත එකතු වෙනවා. සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ කැපවීම් විශාල ප්‍රමාණයක් කළා. එම නිසා ධනාත්මක චින්තනයකින් සිංහල, දෙමළ අලුත් අවුරුද්ද සමරන්න අපි එක්වෙමු.