රියදුරු හිඟය හේතුවෙන් අදත් (07) දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
මේ අතර ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් දුම්රිය පාලනාධිකාරිය සහ සංගම් කිහිපයක් අතර අද (07) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.
දැනට පවතින රියදුරු හිගය හේතුවෙන් ඊයේ (07) දිනයේදීද දුම්රිය ගමන්වාර 29ක් අවලංගු කිරීමට සිදු විය.